අපගේ දැක්ම
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුල අනගිභවනීය මහජන රාජ්‍ය සේවාවක්.අපගේ මෙහෙවර
පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජන දිවිය නංවාලීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සම්පත් සම්පන්ධීකරණය හා ජනතා සහභාගිත්වය තුලින් සැලසුම් ගත තිරසාර සංවර්ධනයක් උදෙසා උත්කෘෂ්ඨ මහජන සේවාවක් සැපයීම.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
පැතිකඩක්
නම
පුත්තලම යන වචනය උප්පු + තලම්(ලුණු + පොලොව) සන්ධි වී, පසුව උප් ලොප් වී පුත්තලම වූ බවට එක් මතයකි. තවත් මතයක පුදු + අලම්(අලුත් + හළඹ) කට වහරට පුත්තලම වූ බව පවසන්න ද වෙත්. වත්වන් දේශීය ලුණු පරිභෝජනයයෙන් 30% ක් සපුරාලීම, මෙනම ලැබීම සුදුසු බවට සාක්ෂියකි. වෙනත් මත ද ඇත.
භූගෝල පිහිටීම
වර්‍ග සැතපුම හැත්තෑ එක (71)කින් සමන්විත පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ශ්‍රී ලංකාවෙහි වයඹ දිග වියළිය දේශගුණික කලාපයේ පිහිටා ඇති අතර, භූ විද්‍යාත්මක පිහිටීම සැලකීමේ දී, ශ්‍රී ලංකාවේ වයඹ දග වෙරළබඩ අඩතැන්නෙහි පිහිටා ඇති බව පැහැදිලි කර ඇත.
පරිපාලන සීමා
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි සීමා මායිම් වන්නේ උතුරෙන් වනාතවිල්ලුව ප්‍රා.ලේ. කොට්ඨාශයෙහි දකුණු සමාවත්, දකුණු මායිම වශයෙන් මුන්දලම ප්‍රා.ලේ. කොට්ඨාශයෙහි උතුරු දිග මායිමත්, බටහිර සීමාව පුත්තලම කලපුවත්, නැගෙනහිර සීමාව මහකුඹුක්කඩවල හා ආණමඩුව ප්‍රා.ලේ කොට්ඨාශ වල බටහිර මායිම් කොටසත්ය. කල්පිටිය ප්‍රා.ලේ.කො.මායිමේ තීරුවක ප්‍රමාණයක් ද පුත්තලම ප්‍රා.ලේ කොට්ඨාශ මායිම හා සම්බන්ධ වේ.
පළාත් පාලන කොට්ඨාශ පිළිබඳව සලකා බැලීමේ දී පුත්තලම නගර සභා බල ප්‍රදේශය මුළුමනින්ම හා පුත්තලම (මදුරන්කුලිය) ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් කොටසක් පුත්තලම ප්‍රා.ලේ කොට්ඨාශයෙන් ආවරණය වෙයි. මැතිවරණ බල ප්‍රදේශ අනුව පුත්තලම මැතිවරණ බල ප්‍රදේශය හා ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයෙන් කොටසක් ද මෙම ප්‍රා.ලේ. කොට්ඨාශයට අයත්ය.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ග්‍රාම නිලධාරි වසම 22 කි. ඉන් වසම් 16 ක් පුත්තලම මැතිවරණ කොට්ඨාශයට ද වසම් 06 ක් ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයේ ද පිහිටා ඇත. මෙම ග්‍රාම නිලධාරි වසම් 22 ගම්මාන 86 කින් යුක්තය.
පසේ ස්වභාවය
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ව්‍යාප්තව ඇති පස් වර්ග දෙකකි. දකුණු අර්ධය රතු පසින් සහ ලැටසෝල් පසින්ද උතුරු ප්‍රදේශය දියලු පසින්ද සමන්විත වේ.
රතු සහ ලැටසෝල් : ශ්‍රී ලංකාවේ ඇති ඉතාම පැරණි පස් වර්ගයකි. වර්තමාන දේශගුණක තත්ත්වයන්ට වඩා සපුරා වෙනස් වූ දේශගුණික තත්ත්වයන් පවතින අවධියේදී වර්ධනය වූ පස් වර්ගයකි. පස ඉතා ගැඹුරුය. මනා ජල වහනයකින් යුක්තය. වියළි හා තෙතමනය සහිත විට කුඩුවන සුළුවුවන් තෙත්වන විට නො ඇලෙන සුළුවූන් සංස්ථිතියක් ඊට ඇත. රසායනික සශ්‍රීකත්වය අතින් ඉකාම අසාර වූ පස මෙයයි. එහෙත් වියළි සෘතුවේ දී අවශ්‍ය තරම් ජලය සැපයේ නම් මෙම පස දෙහි පවුලට අයත් ශාඛ වගාව සඳහා යෝග්‍ය වේ. කජු වගාවට ද යෝග්‍ය වේ.
දියලු පසු : ශ්‍රී ලංකාවේ පාංශු වර්ගිකරණය යටතේ දියලු පස හඳුනාගන්නා වියළි කලාපීය උපගනය මෙහි ඇත. මෙම පසෙහි ජල චලනය ඉතා දුර්වලය. දියලු පස යනු කාලින භූ විෂමතාවන්වල දී ජලය මගින් රඳවනු ලැබූ නිධි වේ. මෙම පසේ පැතිකඩ වර්ධනයක් නොමැති අතර, ඓන්ද්‍රික ද්‍රව්‍ය සුළු වශයෙන් පමණක් මතුපිට ඇත. මනා ජල සම්පාදනයක් කළ හැකි වන්නේ නම් දියලු, වී හා එළවළු වගාවනට අතිශයින් යෝග්‍ය ය.
ජල සම්පත
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පානිය ජල ගැටලුව ඉතා බැරෑරුම් ලෙස පවතී. ගාම නිලධාරි වසම 15ක පමණ බීමට සුදුසු ජලය ප්‍රමාණවත් ලෙස නොත තිබිම හා කොහෙත්ම බීමට සුදුසු ජලය නොතිබීම මේ ගැටලුවට හේතු වී තිබේ.
ඓතිහාසික තොරතුරු හා ස්ථාන
ශ්‍රී ලංකාවේ ජන ප්‍රවාද නාට්‍ය මාලාවේ පළමුවැන්න වශයෙන් හැඳින්විය හැකි විජය - කුවේණි පුරාවෘත්තයේ ප්‍රථම කොටස පුත්තලමේ උතුරු සීමාවෙන් (තම්බපණ්ණිය) දිග හැරෙයි. ආරෝහ පරිනාහ දේහයෙන් සම්පත් නිසා මෙම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව යක්ෂ ගෝත්‍රික යැයි අමතනු ලැබූ බවට මතකයි.විජය කුමාර කුවේණිය හමුවද්දී ඇය කපු කටිමින් සිට බව පැවැසීමෙන් ඔවුන්ගේ සදාචාරාත්මක බව පැහැදිලි වෙයි. රන් සිහසුනකට උරුමකම් කියූ යක්ෂ ගෝත්‍රිකසහෝදරයින් අතර ඇති වූ ආරවුල නිරාකරණය කිරීමට ගෞතම බදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, මෙම ජනතාව ශිල්ප ශාස්ත්‍ර වලින් පොහොසත් බවට නිදසුන් සපයයි.තවද මෙම සිදුවීම ගැන පවසන සමන්ත කූට වර්ණනාවේ 517 වන ගාථාවේ සඳහන් 'සිකතා තලාව' යනු සියම් වැලි තලාවෙන් යුතු කොටස යන්නයි. දිස්ත්‍රික්කයේ උතුරුදෙස 'පොන්පරිප්පු' ප්‍රදේශයෙන් හමු වී තිබීම මෙම ජනතාවගේ ශිෂ්ඨත්වය නිහඬව කියා පාන පුරා විද්‍යාත්මක සාධාකය වෙයි.
හලාවත – පුත්තලම – මන්නාරම මුහුදු තීරය නොගැඹුරු මුහුදක් වීමත්, ඉන්දියාවට සමීපයේ පිහිටීමත්, බෙංගාල බොක්ක හරහා හමනා වෙළඳ සුළං ප්‍රවාහයන් නිසා හලාවත, කල්පිටිය, සිලාවතුරේ, අරිප්පුව හා කුදුරමලේ යන වෙරළ තීර ප්‍රසිද්ධ වරායන් බවට පත් විය. ඉන්දියානු, ග්‍රීක පර්සියානු, ෆ්නීෂියානු, අරාබි වෙළෙඳ කණ්ඩායම් හා ගවේශකයින් නිතොර ගැවසෙන ප්‍රදේශ ලෙස වැජඹිණ.
විදේශික දේශ ගවේශකයින් අතුරින්, ක්‍රි.ව. 1345.09.21 වැනි දින පුත්තලමට පැමිණි මොරොක්කෝ දේශයේ ඉබුනු බතුතාගේ දේශාටන සටහන් වැදගත් ලිබිත සාධකයකි. ආදම් කන්ද (සමනල කන්ද) නැගීමේ අරමුණින් ලංකාවේ බත්තල (පුත්තලම) නගරයේ වෙරළට ගොඩ බැස, එහි පාලකයා හමු වූ බවත්, ඔහු පර්සියානු භාෂාවෙන් තමා සමග සල්ලාපයේ යෙදෙමින් රජවරු හා රාජ්‍යයන් පිළිබඳ තොරතුරු ඉතා උනන්දුවෙන් අසා සිටි බවත්, ලීයෙන් නිමැවූ බලකොටුවක් ඔහු සතු වූ බවත් සටහන් කරයි. ආදම් කන්ද ගමනට දෝලාවක් සමග අත් උදව්කරුවන් ද ඔහු සපයා ඇත. දකුණු දෙස බලා ආරම්භ කර බන්දර් සලාවත් (හලාවත) නගරයට පැමිණ, එතැනින් කඳුකරයට ගොස්, දහවල් තුනක් සමනොල සිරසේ නැවති සිට, පෙරලා 1345.10.17 වැනි දින පුත්තලමට පැමිණියේය. පුත්තලම වෙරළේ ගොඩ ගසා තිබූ කුරුඳු වෙනුවට රෙදි සළු භාණ්ඩ හුවමාරු වෙළඳාම ගැන සටහන් කරන ඉබුනු බතුතා, පුත්තලම කුඩා අලංකාර නගරයක් බව පවසයි. පුත්තලම යන නාමය ලොවට ප්‍රසිද්ධ කල ඉබුනු බතුතාට ගරු කිරීමක් වශයෙන් 1991 වසරේදී පුත්තලම කලපු පාර, ඉබුනු බතුතා මාවත ලෙස නම් කෙරිණ.
ඓතිහාසික වටිනාකමැති ස්ථාන කිහිපයක් ද පුත්තලම කොට්ඨාශය සතු වන අතර, පෞරාණික වටිනාකමක් ඇති පුරාවස්තු අතරින් මේ වන විට සුරක්ෂිතව පවතින ගොඩනැගිල්ලක් ලෙස දිසාපති කාර්යාලය (කච්චේරිය) හැඳින්විය හැකිය. මෙය ඕලන්ද යුගයේ රටේ පාලන කටයුතු සඳහා සහය වූ ඒජන්තවරයාගේ කාර්යාලයි. ලී මූට්ටු නොමැති ආරුක්කුවලින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙම කාර්යාලය තවමත් ඉතා හොඳ මට්ටමක පැවතීම ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය මොනවට විදහා දක්වයි.
ක්‍රි.ව. 1720 දී පුත්තලම නගරයට සම්ප්‍රාප්ත වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා පරිත්‍යාග කළ රාජකීය භාණ්ඩ අතුරින් ඉතිරිව ඇති හොරණෑව හා කස්තුරි මුව ලෝම සවිකල සෙමරය පුත්තලම මුස්ලිම් මහ පල්ලියේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
කොළඹ පුත්තලම ප්‍රධාන පාරේ පිහිටි ක්‍රිස්තියානි පල්ලිය හා නගර සභා කාර්යාලය ඉදිරියේ ඇති සොහොන් පිටිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවවෙන් නම් කරන ලද පෞරාණික වටිනාකමින් යුත් ස්ථානයෝය. පුත්තලම H.S. ඉස්මායිල් ප්ලේස් (නෝර්ත් වීදියේ) පිහිටි E.S.M. කාසිම් මරික්කාර්ගේ වලව්වට ද ටම් වනවිට වයස 200කි.
ඉංග්‍රීසි පාලන කාලයේ නිර්මාණය කරන ලද වත්මන් සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ද පුරා විද්‍යාත්මක වටිනාකමින් යුක්තය.
පුත්තලමේ අතීත විභූතීන් කාලයේ කළු වලාවට වැසී තිබුනත්, ඝණව පෙනෙන කළු වලා පීරා දිස්වන සූර්යයාගේ දීප්තිමත් රිදී රේඛාව මෙන්, පුත්තලමවාසි ජනතාවගේ සැහැල්ලුවූත්, නම්‍යශීලීවූන් ජීවන රටාවත්, තම දුවා දරුවන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික පැවැත්ම කෙරෙහි ඹවුන් දක්වන යහපත් ආකල්පයත්, දීප්තිමත් අනාගතය පිළිබඳ සුභ නිමිත්තකි.
ගැඹුරු ළිං : බීමට ගන්නා ජලය ඇති සීමිත වූ ග්‍රාම නිලධාරි වසම් තුල ගැඹුරු ළිං කපා ප්‍රයෝජනයට ගන්නා අතර මෙම වසමේ ගැඹුරු ළිං 5448 ක් පමණ වේ.
නල ළිං : මෙම ව්‍යාපෘතිය යටතේ නල ළිං 62ක් පමණ ඇත. යුනිසෙප් අආයතනය, ප්‍රාදේශීය සභාව වැනි ආයතන මගින් නල ළිං සාදා ගම්වැසියන්ගේ ප්‍රයෝජනයට පවරා දී ඇත. නඩත්තු කටයුතු ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලබයි.
ජල නළ පද්ධතිය : පුත්තලම ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය මගින් චීන සම්හාණ්ඩුවට අනුබද්ධිතව පුත්තලම, සේනකුඩිරිප්පුව ග්‍රාම නිලධාරි වසමෙහි විශාල ළිඳක් කැණීමෙන් අනතුරුව 1995 සිට පුත්තලම නගර සභාව සීමාව තුළ නල ජලය ලබා දීම සිදු වෙයි. මීට අමතරව දකුණු ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ගම්මාන මට්ටමින් පානිය ජලය ලබා දීමේ ව්‍යාපෘතින් ද ක්‍රියාත්මක වේ.
ජනතාව (ආගම් හා ජාතින්)
ආගම වශයෙන් ගත් කල ඉස්ලාම්, බෞද්ධ, කනෝලික හා හින්දු ලෙස ද, ජාතින් වශයෙන් මුස්ලිම්, සිංහල, දෙමළ ජනතාවට අමතර කැෆේර් (කාපිරි), මැලේ, අහිගුනිඨික හා පරංගි යන ජන වර්ග ද ජීවත් වෙති. ඔවුනොවුනගේ ආගමික හා සංස්කෘතික දායාදයන් උගන්වන ආගමික සිද්ධස්ථාන, ආගමික අධ්‍යාපන ආයතන වලින් පෝෂිතව සිය සංස්කෘතික අනන්‍යතාවයන් රකිමින් සාම්ප්‍රදායික ජීවිත රටාවකට උරුමකම් කියති.
සරණාගතයින් : පුත්තලම ප්‍රා.ලේ.කොට්ඨාශය සරණාගත ජනතාව සඳහා නවාතැන් සලසන කොට්ඨාශයක් වී තිබේ. උතුරු නැගැනහිර පළාත්වලින් 1991 ඔක්තෝබර් මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පලවා හරිනු ලැබ අවතැන් වූ මුස්ලිම් ජනතාව පුත්තලම කොට්ඨාශයේ බහුලව පදිංචි ව සිටිති. මෙම ප්‍රදේශයේ සම්පත් බෙදී යාම මූලික කරගත් සමාජීය හා පාරිසරික ප්‍රශ්න උග්‍රවීම අදි විවිධ ගැටලු පැනනැගීම කෙරෙහි මෙම සරණාගත ජනතාවගේ පැමිණීම හේතු වී ඇති බව ඒ පිළිබඳ නිරීක්ෂණාත්මකව බැලූ විට පෙනී යයි.
(ජන සංගණන වගුවට ඇතුලත් නොකෙරෙහි - සංස්කාරක)
අධ්‍යාපනය (විධිමත් හා නොවිධිමත්)
පෙර පාසල් සිට ප්‍රාථමික හා මහා විද්‍යාලත්, ජාතික පාසල් 2 ක් සමග නොවිධිමත් උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කේන්ද්‍රයක් ද, නොවිධිමත් තෘතීයික අධ්‍යාපනය සපයන ජාතික වෘත්තිය පුහුණු ආයතන ද පිහිටා ඇත. මීට අමතර පුද්ගලික අධ්‍යාපන ආයතන ද බහුලයි. මෙපමණ සම්පත් තිබියදීත්, සාමාජීය වශයෙන් තවමත් නො දියුණු, අධ්‍යාපන සඳහා නැඹුරුවක් නොමැති පිරිසක් ද මෙම කොට්ඨාශය තුල ජීවත්වනු දැකිය හැකිය.
ආර්ථිකය (ගොවිතැන හා කර්මාන්ත)
පුත්තලම ප්‍රධාන නගරය වෙළඳ මධ්‍යස්ථානයකි. කලපු වතුරෙන් සිදු කෙරෙන ලුණු කර්මාන්තය ගෙන බැලූ කල, ලුණු හලඹ හිමියන් හා ආශ්‍රිත රැකියාවල නියුතුවූවන් 10,000 කගේ ජීවිකාව වෙයි. පුත්තලම නරය හා පාලාවියේ මෙම ලුණු හලඹවල් පිහිටා ඇත. වෙරළාසන්න ජනතාව සුළු පන්න ධීවර කර්මාන්තයේ නියැලී සිටිති. කෘෂිකමාන්තයට මනා ප්‍රදේශයක් නොවූවන්, උතුරු සීමාව කජු වගාවන් පල බර වෙද්දී, නැගෙනහිර – දකුණු සීමාවන් ආසන්නයේ පොල් වගාවෙන් කිරි ඉතිරේ. වී වගාව සුළු වශයෙනි. අනෙකුත් බෝග වගාවන් ද ගෙවතු තුල ජීවත්වනු දැකිය හැකිය.
පුත්තලමට ආවේනික යැයි කිව හැකි හස්ත කර්මාන්තයක් නොමැත. ක්ෂුද්‍ර / කුඩා පරිමාණයේ ව්‍යාපාර (Micro/Small Scale Industries) වශයෙන් ඇඟලුම් කම්හල, අතුරු පස (මික්ෂර්), සැහැල්ලු බීම නිෂ්පාදනය යනාදිය දැක්විය හැක. මහා පරිමානයේ ව්‍යාපාර ආයතනය සීමෙන්ති සම්හලයි.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයත්, රාජ්‍ය නොවන සංවිධානත් රැකියා සැපයුමට දායක වී ආර්ථිකයට යම් පිටුවහලක් සපයයි. විදේශ රැකියාලාභින් ද මෙම කොටසට ඇතුල් කල හැක. පොදුවේ ගත් කල පුත්තලම පාරිභෝගික සමාජයකින් සමන්විතය.
ඓතිහාසික තොරතුරු හා ස්ථාන
ශ්‍රී ලංකාවේ ජන ප්‍රවාද නාට්‍ය මාලාවේ පළමුවැන්න වශයෙන් හැඳින්විය හැකි විජය - කුවේණි පුරාවෘත්තයේ ප්‍රථම කොටස පුත්තලමේ උතුරු සීමාවෙන් (තම්බපණ්ණිය) දිග හැරෙයි. ආරෝහ පරිනාහ දේහයෙන් සම්පත් නිසා මෙම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව යක්ෂ ගෝත්‍රික යැයි අමතනු ලැබූ බවට මතකයි.විජය කුමාර කුවේණිය හමුවද්දී ඇය කපු කටිමින් සිට බව පැවැසීමෙන් ඔවුන්ගේ සදාචාරාත්මක බව පැහැදිලි වෙයි. රන් සිහසුනකට උරුමකම් කියූ යක්ෂ ගෝත්‍රිකසහෝදරයින් අතර ඇති වූ ආරවුල නිරාකරණය කිරීමට ගෞතම බදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, මෙම ජනතාව ශිල්ප ශාස්ත්‍ර වලින් පොහොසත් බවට නිදසුන් සපයයි.තවද මෙම සිදුවීම ගැන පවසන සමන්ත කූට වර්ණනාවේ 517 වන ගාථාවේ සඳහන් 'සිකතා තලාව' යනු සියම් වැලි තලාවෙන් යුතු කොටස යන්නයි. දිස්ත්‍රික්කයේ උතුරුදෙස 'පොන්පරිප්පු' ප්‍රදේශයෙන් හමු වී තිබීම මෙම ජනතාවගේ ශිෂ්ඨත්වය නිහඬව කියා පාන පුරා විද්‍යාත්මක සාධාකය වෙයි.
හලාවත – පුත්තලම – මන්නාරම මුහුදු තීරය නොගැඹුරු මුහුදක් වීමත්, ඉන්දියාවට සමීපයේ පිහිටීමත්, බෙංගාල බොක්ක හරහා හමනා වෙළඳ සුළං ප්‍රවාහයන් නිසා හලාවත, කල්පිටිය, සිලාවතුරේ, අරිප්පුව හා කුදුරමලේ යන වෙරළ තීර ප්‍රසිද්ධ වරායන් බවට පත් විය. ඉන්දියානු, ග්‍රීක පර්සියානු, ෆ්නීෂියානු, අරාබි වෙළෙඳ කණ්ඩායම් හා ගවේශකයින් නිතොර ගැවසෙන ප්‍රදේශ ලෙස වැජඹිණ.
විදේශික දේශ ගවේශකයින් අතුරින්, ක්‍රි.ව. 1345.09.21 වැනි දින පුත්තලමට පැමිණි මොරොක්කෝ දේශයේ ඉබුනු බතුතාගේ දේශාටන සටහන් වැදගත් ලිබිත සාධකයකි. ආදම් කන්ද (සමනල කන්ද) නැගීමේ අරමුණින් ලංකාවේ බත්තල (පුත්තලම) නගරයේ වෙරළට ගොඩ බැස, එහි පාලකයා හමු වූ බවත්, ඔහු පර්සියානු භාෂාවෙන් තමා සමග සල්ලාපයේ යෙදෙමින් රජවරු හා රාජ්‍යයන් පිළිබඳ තොරතුරු ඉතා උනන්දුවෙන් අසා සිටි බවත්, ලීයෙන් නිමැවූ බලකොටුවක් ඔහු සතු වූ බවත් සටහන් කරයි. ආදම් කන්ද ගමනට දෝලාවක් සමග අත් උදව්කරුවන් ද ඔහු සපයා ඇත. දකුණු දෙස බලා ආරම්භ කර බන්දර් සලාවත් (හලාවත) නගරයට පැමිණ, එතැනින් කඳුකරයට ගොස්, දහවල් තුනක් සමනොල සිරසේ නැවති සිට, පෙරලා 1345.10.17 වැනි දින පුත්තලමට පැමිණියේය. පුත්තලම වෙරළේ ගොඩ ගසා තිබූ කුරුඳු වෙනුවට රෙදි සළු භාණ්ඩ හුවමාරු වෙළඳාම ගැන සටහන් කරන ඉබුනු බතුතා, පුත්තලම කුඩා අලංකාර නගරයක් බව පවසයි. පුත්තලම යන නාමය ලොවට ප්‍රසිද්ධ කල ඉබුනු බතුතාට ගරු කිරීමක් වශයෙන් 1991 වසරේදී පුත්තලම කලපු පාර, ඉබුනු බතුතා මාවත ලෙස නම් කෙරිණ.
ඓතිහාසික වටිනාකමැති ස්ථාන කිහිපයක් ද පුත්තලම කොට්ඨාශය සතු වන අතර, පෞරාණික වටිනාකමක් ඇති පුරාවස්තු අතරින් මේ වන විට සුරක්ෂිතව පවතින ගොඩනැගිල්ලක් ලෙස දිසාපති කාර්යාලය (කච්චේරිය) හැඳින්විය හැකිය. මෙය ඕලන්ද යුගයේ රටේ පාලන කටයුතු සඳහා සහය වූ ඒජන්තවරයාගේ කාර්යාලයි. ලී මූට්ටු නොමැති ආරුක්කුවලින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙම කාර්යාලය තවමත් ඉතා හොඳ මට්ටමක පැවතීම ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය මොනවට විදහා දක්වයි.
ක්‍රි.ව. 1720 දී පුත්තලම නගරයට සම්ප්‍රාප්ත වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා පරිත්‍යාග කළ රාජකීය භාණ්ඩ අතුරින් ඉතිරිව ඇති හොරණෑව හා කස්තුරි මුව ලෝම සවිකල සෙමරය පුත්තලම මුස්ලිම් මහ පල්ලියේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
කොළඹ පුත්තලම ප්‍රධාන පාරේ පිහිටි ක්‍රිස්තියානි පල්ලිය හා නගර සභා කාර්යාලය ඉදිරියේ ඇති සොහොන් පිටිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවවෙන් නම් කරන ලද පෞරාණික වටිනාකමින් යුත් ස්ථානයෝය. පුත්තලම H.S. ඉස්මායිල් ප්ලේස් (නෝර්ත් වීදියේ) පිහිටි E.S.M. කාසිම් මරික්කාර්ගේ වලව්වට ද ටම් වනවිට වයස 200කි.
ඉංග්‍රීසි පාලන කාලයේ නිර්මාණය කරන ලද වත්මන් සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ද පුරා විද්‍යාත්මක වටිනාකමින් යුක්තය.
පුත්තලමේ අතීත විභූතීන් කාලයේ කළු වලාවට වැසී තිබුනත්, ඝණව පෙනෙන කළු වලා පීරා දිස්වන සූර්යයාගේ දීප්තිමත් රිදී රේඛාව මෙන්, පුත්තලමවාසි ජනතාවගේ සැහැල්ලුවූත්, නම්‍යශීලීවූන් ජීවන රටාවත්, තම දුවා දරුවන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික පැවැත්ම කෙරෙහි ඹවුන් දක්වන යහපත් ආකල්පයත්, දීප්තිමත් අනාගතය පිළිබඳ සුභ නිමිත්තකි.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| එම්.බී.දිසානායක | 1993 | 1994 |
| ඩබ්.එම්. ප්‍රේමරත්න | 1995 | 1998 |
| එ්.සී.එම්. නෆිල් | 1999 | 2010 |
| එම්.ආර්.එම්.මලික් | 2011 | 2016 |
| ඩබ්.එම්.සි.කේ.වන්නිනායක | 2016.04.04 | 2018.03.19 |
| එච්.එම්.එස්.හේරත් | 2018.03.19 | 2020. 09. 02 |
| එස්.ඒ.වය්.ආර්.ජයතිලක | 2021.01.25 | 2023.03.10 |